සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටීමට සමත් විය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිමුත් ලකුණු 132ක් හා ධනංජය ද සිල්වා ලකුණු 56ක් ලබා කඩුල්ලේ රැදී සිටියි. ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා මේ වන විට ලකුණු 97ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගනු ලැබුවා.

පැතුම් නිශ්ශංක සිය 2 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56කට දැවී ගියේ ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හමුවේයි.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3කටත් දවා ගැනීමට රොස්ටන් චේස් සමත් විය.

මෙන්න බලන්න තවත් පුවත්