කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දිනකට 700 සීමාව පැන ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා. කොවිඩ් ආසාදිතයන් එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවද ඇය සඳහන් කර සිටියා.

මේ තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි හෙයින් සෞඛ්‍ය පුරුදු නිසියාකාරව අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය, සමහරුන්ට අද මූලික සෞඛ්‍ය නීති අමතකවී ඇතැයිද ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම මංගල උත්සවවලදී ජනතාවගේ හැසිරීම සතුටුදායක නැති බවත් සමහරුන් මුව ආවරණ පවා නොපැළඳ ඒවායේ කටයුතු කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් ඇය සඳහන් කරනු ලැබුවා.

රට විවෘත කර ඇති හෙයින් මෙවැනි තත්වයක් ඇති විය හැකි වුවත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම අවදානම් තත්වය අවම කර ගත හැකි බවත් එන්නත්කරණය සාර්ථකව සිදුවන හෙයින් කොවිඩ් අසාදිතයන්ට බරපතල සංකූලතා මතුවීම අවමවූ තත්වයක් පෙනෙන්නට ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්