කොළඹ, රීඩ් මාවතේ පැරණි තුරඟ තරඟ පිටිය ආසන්නයේ වූ ගොඩනැගිල්ලක පිහිටි ආපන ශාලාවක් තුල අද අලුයම් කාලයේදී පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැකපළ කරන බවයි.

මෙම පිපිරිමෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්