ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එම තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) නම් කෙරිණි.

1. දිමුත් කරුණාරත්න (නායක)
2. පැතුම් නිශ්ශංක
3. ඔෂධ ප්‍රනාන්දු
4. ධනංජය ද සිල්වා
5. ඇන්ජලෝ මැතිව්ස්
6. දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින)
7. රමේෂ් මෙන්ඩිස්
8. ප්‍රවීන් ජයවික්‍රම
9. ලසිත් ඉඹුල්දෙණිය
10.දුෂ්මන්ත චමීර
11.සුරංග ලක්මාල්

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මෙසේ අදහස් පළකර සිටියා.

“ඔව් මාස 7කට පස්සේ තමයි ක්‍රීඩා කරන්නේ. ඇත්තට ම ගොඩක් අමාරුයි ක්‍රිකට්වලින් ඈත්වෙලා ඉදලා ආපහු එන්න. මේ කොවිඩ් එකත් එක්ක ගොඩක් ප්‍රශ්න තිබුණා අපිට පුහුණුවීම් කරන තැන්වල පවා. නමුත් අපිට හම්බුණ හැම අවස්ථාවේ දීම ගොඩක් හොඳට පුහුණුවීම් කරා. ගාල්ලට ඇවිල්ලත් අපි එක දිගට පුහුණුවීම් කරා. ගොඩක් අයට ලෝක කුසලාන කණ්ඩායමත් එක්ක කට්ටියක් ගියා. මෙහෙ හිටියේ තුන් හතර දෙනයි. මගේ ඕපනින් පාට්නර් ගැන කිව්වොත් ළහිරු තිරිමාන්නට එන්න වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා පැතුම් එක්ක ඕපන් කරන්න. ඔෂධ තමයි නොම්බර 3 ක්‍රීඩා කරන්නේ. ඒ වගේම කඩුලු රකින්නා වශයෙන් දිනේෂ් චන්දිමාල් පත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

මෙන්න බලන්න තවත් පුවත්