ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ.

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

මේ අතර දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.එම නිසා මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ.

‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා.
ඒ හුඟක් තැන්වල උත්සව, මඟුල්ගෙවල්, පිංකම් ආශ්‍රිතව මහජන ඒකරාශිවීම් වාර්තා වෙනවා.

එවැනි තත්ත්වයන් යටතේ කොවිඩ් පොකුරු ඇතිවීම වළක්වන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හැකිතාක් දුරට මහජන ඒකරාශීවීම්වලින් වැළකී ඉන්න කියලා.’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

 

මෙන්න බලන්න තවත් පුවත්