පිළිමතලාව මහ විද්‍යාලයේ 8 වසර සිසුවකු පාසලේ දී කළ වරදක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සිසුවා ගේ පියා පාසලට කැඳවන ලෙස එම විදුහලේ විදුහල්පතිවරයා සිදුකළ දැනුම්දීමකට බියට පත් වූ එම සිසුවා කම්බියක් යොදාගනිමින් ගසක එල්ලී සියදිවි නසාගැනීමට තැත්කිරීමේ ශෝකජනක සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පවසන්නේ මෙවන් කතාවකි . අදාල 14 හැවිරිදි සිසුවා පාසලේදී සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා සමග සාකච්ඡා කිරීම සඳහා පාසලට පැමිණෙන ලෙස විදුහලේ විදුහල්පතිවරයා දැනුම් දී ඇති අතර එම සිසුවා තම පියා පාසලට නොන්ගෙවා මව පාසලට ගෙන්වා ඇති අතර එහිදී පාසලේ පරිපාලන අධිකාරිය දන්වා ඇත්තේ සිසුවා කළ වරද සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ මව සමග නොව පියා සමග බවයි .

මව ඒ බව තම පුත්‍රයාට දැනුම් දීමෙන් පසු මහත් බියට පත්වී ඇති එම සිසුවා ඔහුගේ නිවස අසල ඥාති නිවසකට ගොස් එම නිවසේ 6 හැවිරිදි නැගණියක සමග සාකච්ඡා කොට වත්ත පහළට පැමිණ කම්බියක් ගෙන ගසකට නැග එම ගසේ අත්තක කම්බිය ගැටගසා එහි අනිත් කොන බෙල්ලෙ ගැටගසාගෙන පහළට පැන තිබේ .

තම සහෝදරයා ගසක අත්තක එල්ලෙමින් සිටිනු දුටු සය හැවිරිදි නැගණිය ඵ් සම්බන්ධයෙන් වැඩිහිටියන්ට දැනුම් දීමෙන් පසු සිසුවා එල්ලෙමින් සිටි කම්බිය කපාගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එම ශිෂ්‍යයා මේ වන විට අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ උපදෙස් පරිදි එම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රමිලා  වනිගතුංග මහත්මිය ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරයි’

මෙන්න බලන්න තවත් පුවත්