ඉදිරි දින 03 ක් තුළදී ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 116,000ක් මෙරට ඉන්ධන සංචිතයට එක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණෙනු ඇත. හෙට දිනයේදී ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි. ඊයේ දිනයේද ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ඉන්ධන තොග මෙරටට රැගෙනවිත් ඇත්තේ ණය පදනම මත බවයි.

මෙලෙස මෙරටට රැගෙන එන ඉන්ධන නැවක් සම්පූර්ණයෙන් ම ගොඩබෑම සඳහා දින 04 ක පමණ කාලයක් ගතවනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්