එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙන්.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාව හා සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බවයි මිකී ආතර් පෙන්වා දුන්නේ.

“මේ විශිෂ්ඨ රටේ පුහුණුකිරීම් කළ සෑම විනාඩියකටම මම ආදරය කරනවා” යනුවෙන් ද ඔහු සිය සටහනේ දක්වා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්