නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

යතුරු පැදි වලින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු විසින්, කම්පාලා අගනුවර පිහිටි පාර්ලිමේන්තුව අසල සහ පොලිස් මූලස්ථානය අසලදී මෙම බෝම්බ පුපුරවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම වාර්තාවලට අනුව මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව සඳහන්.

ප්‍රහාරයේ වගකීම ෂීෂී සංවිධානට අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාර ගෙන තිබෙනවා.

උගන්ඩා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ් එනංගා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විනාඩි කීපයක් ඇතුළත බෝම්බකරුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්