සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා කරුණු සොයා බලා ගෙන යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී අද පැවැත්වුණා.

මේ අතර උද්ඝෝෂණ රැස්වීම් සහ ජන ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පෙරේදා (15) නිකුත් කරනු ලැබුවා. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කිරීමෙන් පසුවයි.

 

 

මෙන්න බලන්න තවත් පුවත්