රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් හිගය බරපතළ ලෙස බලපා ඇතැයිද ඇමතිවරුන් කිහිපදෙනකු එහිදී පෙන්වා දී තිබෙනවා.

ඩොලර් හිගය ඉන්ධන ආනයනයටද බරපතළ ලෙස බලපා ඇතැයි සඳහන් කර ඇති බවයි එහිදී අදහස් දක්වමින් ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඉන්ධන පමණක් නොව, ඖෂධ ආනයනයට ද ඩොලර් හිඟයේ බලපා ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට කටයුතු කළ යුතුයැයි ඇමති ගම්මන්පිල පෙන්වා දී සිටින්නේ.

රටට අවශ්‍ය ඉන්ධන ලබන පෙබරවාරි මාසය දක්වා ආනයනය කිරීමට සංස්ථාවට හැකියාව ඇති නමුත්, ඉන්පසුව ඉන්ධන ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වන්නේ.

එබැවින් ,මේ මොහොතේ තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බව ඔහු පෙන්වා දී ඇත.

එහිදී අදහස් දක්වා ඇති වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු පෙන්වා දී ඇත්තේ ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ලබා ගැනීමට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට අනුගත වීමට සිදුවන බවයි.

එම කොන්දේසි ඉටු කර ජනතාව හමුවට යා නොහැකි බව ද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර, අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉන්ධන, ඖෂධ පමණක් නොව, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු වුවහොත් එයද ආනයනය කිරීමට සිදුවන බවයි.

රටේ පවතින විදේශ සංචිත හිඟය මග හරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගත යුතු බවට මිට මාස කිහිපයකට කිහිපයකට පෙරදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයට යෝජනා කරනු ලැබුවා.

මෙන්න බලන්න තවත් පුවත්