නිෂ්පාදන ගැටලු හේතුවෙන් ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම තුළ ලිට්‍රො ගෑස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් කළ විමසීමකදී ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ඒ බව සඳහන් කළේ.

තමන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම අක්‍රියවීම මත මෙම අර්බුදය හට ගෙන ඇතැයි තේෂාර ජයසිංහ වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ලාෆ් ගෑස් හිඟය ගැන එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය ගෙන් සිදුකල විමසීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නොමැතිවීම සහ ඒ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට පවතින බාධා නිසා ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවය.

ගැටලුව විසඳා ගැනීම සඳහා රජයේ පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බවද වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බොරැල්ල, බත්තරමුල්ල, නුගේගොඩ,පන්නිපිටිය හා කොට්ටාව ප්‍රදේශවල අලෙවිසැල් රැසකම ලිට්‍රො ගෑස් හිඟය තවදුරටත් පවතින බව අප කළ සොයාබැලීමකදී අනාවරණ විය.

මෙන්න බලන්න තවත් පුවත්