ලිබියාවේ හිටපු නායක මොහොමඩ් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි එරට ජනාධිපති ධූරයට තරග වදින බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා අවශ්‍ය ලිපි ලේඛනවලට අත්සන් තැබීම ඊයේ දිනයේදි සිදු කෙරුණා. ලබන දෙසැම්බර් මස 24 වන දින ලිබියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවයි එරට මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූවන් අතුරින් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි මේ වන විටත් පෙරමුණේ පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඔහුට අමතරව අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ හමුදා ප්‍රධානියා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්