උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් සහිත බවට දෙවරක් සහතික කරන ලද චීන පොහොර තොගය 3 වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි, මෙරට චීන තානාපතිවරයා පවසනවා.

අද පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මේ බව ප්‍රකාශ කර සිටියා.

වාණිජ ආරවුලක් පමණක් වන කාබනික පොහොර ගැටලුව ඇතැමුන් දේශපාලනීකරණය කර ඇති බවත් ඊට අදාළව බොරු ගෙතීම් සිදුවන බවද මාධ්‍යට අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කර සිටියා.

”මට දැනගන්න ලැබිලා තියනවා. අදාළ චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ අධිකාරීන් මේ වෙනකොට යම් එකඟතාවකට ඇවිත් තිබෙනවා. තුන්වෙනි පාර්ශවයක් හරහා මේ පොහොර පරීක්ෂා කරනන්න”

මෙන්න බලන්න තවත් පුවත්