බදු අය කිරීමට සූදානම් ක්ෂේත්‍ර සහ භාණ්ඩ පිළිබඳව පැවැති අද පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන් දේශපාලඥයෙකු වශයෙන් පිළිතුරු දීමට කැමති වුවත්, මුදල් ඇමතිවරයා වශයෙන් පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයක් බවයි.

සිගරට් මිල සම්බන්ධයෙන් ඇතිවූ මිල වැඩිකිරීම් සම්බන්ධයෙන් වන කරුණු කල්තියා වෙළෙද ප්‍රජාව අතරට යෑම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් වැඩි ලාභ අත්පත් කර ගැනීමට සිගරට් තොග එකතු කළ බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් ඇමතිවරයා මෙසේ අදහස් පළකර සිටියා,

“බදු අයකර ගන්නා අංශ කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒක දැම්ම එළියට දැම්මොත් සමහරවිට අයුතු වාසි ගනී. මට උපදෙස් ලැබුණා ඒ භාණ්ඩ මොනවද කියලා දැම්ම කියන්න එපා කියලා.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඒ නිසා බදු අයකරන භාණ්ඩ සහ ඒකෙන් නිදහස් කරන භාණ්ඩ මොනාද කියලා ඉතාම ඉක්මණින් දැනගන්න පුළුවන්. “

මෙන්න බලන්න තවත් පුවත්