කසකස්තානයේ කායවර්ධන ක්‍රීඩකයෙකු වූ යූරි ටොලොච්කෝ 2020 නොවැම්බර් මාසයේදී බෝනික්කෙක් සමගින් විවාහ වුණා.

අපූරු විවාහ මංගල උත්සවයක් ගනිමින් විවාහ වූ ඔහු මේවන විට එම බෝනික්කියගෙන් ද දික්කසාද වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඔහුගේ නව පෙම්වතිය ‘ලෝලා‘ නමින් තවත් බෝනික්කියක් බව සදහන් වෙනවා.

මේ එක බෝනික්කෙක් පවුම් 3000 ක් පමණ වෙනවා.

ඔවුන් ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා.

මොකද ඒ අයගේ ස්වරූපය වෙනස් කරන්න අවශ්‍ය දේත් බෝනික්කන් සමගම ලබා දෙනවා.

උදාහරණයක් විදිහට රාත්‍රීයට දෑස් වසා සිටින පෙනුම ලබාදෙන්න ඒ විදිහේ දෑස් යුගල, බොරු කොණ්ඩ, ශරීර උෂ්ණත්වය දැනෙන යන්ත්‍ර පවා ඔවුන්ට සවි කර තිබෙනවා.

නිකමට හිතන්න තමන්ගේ මේ ”බෝනික්කි සහකාරිය” හදිසියේ ලෙඩ වුණොත් එහෙම?
ඒ කියන්නේ ඒක පැහැදිලිවම කාර්මික දෝශයක්.

ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.

ඒ වෙනුවෙන්ම වුණු දොස්තර මහත්වරු විදිහට ”කාර්මිකයෝ” වෙනම ඉන්නවා.

ඇත්තටම සමහර අය මේ බෝනික්කන්ව ලිංගික කටයුතු වලට පමණක් නොවෙයි කලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහාත් යොදා ගන්නවා.

කාලයකට කලින් උකුලේ බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කථන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිතා කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්