කොල්ලුපිටියේ පිහිටි ඉඩමක කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක් ඊයේ අලුයම බලහත්කාරයෙන් පන්නා දමා ඔවුන් පදිංචි කන්ටේනර් පෙටිටිය රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දකුණු පළාතේ ප්‍රවෘත්ති මැවූ නගරාධිපතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශයක් අතර ආරවුල් පවතින බවත්, ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයා එම ඉඩමේ කන්ටේනර් පෙට්ටියක් තුළ නිවසක් සකස්කරගෙන එහි වසර කිහිපයක් පුරා දුදරුවන් සමග ජීවත් වන බවට පැමිණිලි ලැබුණ බව පොලිසිය පවසන්නේ.

ඊයේ අලුයම 2.00 පැමිණ පිරිසක් මෙම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයා සමග තර්ජනය කර ගැටුම්ක් ඇති අතරගෙන එම පවුල පදිංචි ඉඩමින් පන්නා දමා ඔවුන් පදිංචිව සිටි කන්ටේනරයද බලහත්කාරයෙක් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා ඉහත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා එම ඉඩමේ තිබු කන්ටේනර් පෙට්ටිය ඉවත් කර අලුත් කන්ටේනර් පෙට්ටියක් එහි ගෙන ගොස් සැකකරුවන් තිදෙනකු එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකරුවන් විසින් මෙම ඉඩමේ තිබී රැගෙන ගිය කන්ටේනරය දෙමටගොඩ කැටවලමුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක රඳවා තිබියදි ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගෙන ඇත.

එම කන්ටේනර් රථය ප්‍රවාහන කර එම ස්ථානයේ දැමීම සම්බන්ධයෙන් ද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයක් ඇති බවට සැකකරන දකුණු පළාත් පුවත් මැවූ නගරාධිපතිවරයාගෙන් ද ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද පොලිසිය සඳහන් කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්