අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා.

මෙම බාලයවස්කාර දැරියන් තිදෙනා පෙරේදා (08) ඔවුන් ගේ නිවෙස්වලින් අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ත්‍රිවිල් රථයකින් පෙරේදා උදෑසන 8:00 ට පමණ නිවසෙන් පිටව ගොස් ඇති මෙම දැරියන් තිදෙනා නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් විය. මෙම දරුවන් තිදෙනා ගමන් බැගයන් රැගෙන යන අයුරු දැක්වෙන සිසිටිවි විඩියෝවක් ද සොයා ගැනුණා.

මෙලෙස අතුරුදහන්ව සිට නැවත නිවසට පැමිණ ඇත්තේ ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බවත් ඔවුන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙක් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මෙන්න බලන්න තවත් පුවත්