කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවති සංචරණ සීමා හේතුවෙන් රථවාහන දඩ ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය එළඹෙන ඉරිදා දිනයෙන් අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 31 වනදා සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ දඩ පත්‍රිකා ලබන ඉරිදාට පෙර ගෙවීම් සිදුකරනු ලබන්නේ නම් දඩ මුදල් අය කිරීමක් සිදු නොවන බවයි තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම මෙම මස පළමුවනදා සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14ක් තුළ ගෙවීමේදී දඩ මුදල් අය කර ගනු ලබන අතර දින 28ක් දක්වා වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදලක් අය කරගන්නා බව සඳහන්.

මෙන්න බලන්න තවත් පුවත්