කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට නැවතත් වසා දැමීමට රජයට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොමැති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසනනේ .

එමෙන්ම පවතින ගංවතුර සහ මහජන විරෝධතා හේතුවෙන් කොරෝනා වසංගතයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ඔහු පැවසීය.

මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත්, කොරෝනා ආසාදිත රෝගියෙකුට එක් දිනක් තුළදී කොරෝනා වෛරසය පැතිරවිමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්