අඛණ්ඩව මෙරට තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මාලාවන් සහ දේශපාලන විරෝධතා හේතුවෙන් 2022 වසරට සංචාරකයින් විසින් සිදු කර තිබූ Bookings (වෙන්කිරීම්) අවලංගු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

බස්නාහිර පලාත් හෝටල් හිමියන්ගේ සංගමය පවසන ආකාරයට යුරෝපා සංචාරකයින් විශාල පිරිසක් ඇතුළුව දෙසැම්බර් ජනවාරි මාසවල මෙරටට පැමිණීමට නියමිතව වෙන්කරවාගත් Bookings රැසක් මේ වනවිට අවලංගු කොට ඇති බවත් එම සංචාරකයින් ආසියාවේ වෙනත් ගමනාන්ත තෝරාගෙන ඇති බවත් සඳහන්.

මෙරටට ලබන වසරේ ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් සංචාරකයින් පැමිණෙනු ඇති බවට සමීක්ෂණ ආයතන විසින් පුරෝකථනය කර තිබුණා.

කොරෝනා හමුවේ දැඩි පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවීමට විවිධ ආකාරයේ වැඩ පිලිවෙල ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙවැනි කාල වකවානුවක් තුළ රට අකර්මන්‍ය කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂ දේශපාලකයින් මහත් වෙහෙසක් ගනිමින් සිටිනවා.

ඩොලර් බිලියන 5ක පමණ විදේශ විනිමය රටට ලැබෙන සහ ලක්ෂ ගණනක් සිය ජීවිකාව රැකගන්නා සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම විපක්ෂයේ විරෝධතා උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රමාද වුවහොත් සිදුවන්නේ රට තව දුරටත් වලපල්ලට යාමයි.

මෙන්න බලන්න තවත් පුවත්