ඊයේ (08) උදෑසන සිට නිවසින් බැහැරව ගොස් ඇති වයස අවුරුදු දහ 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයන් හි පසුවන ගැහැණු ලමුන් ගැහැනු දරුවන් තිදෙනකු පිළිබඳ කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ ගැහැණු දරුවන් තිදෙනා අතර එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් එක් ඥාති සොහොයුරියක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ තිදෙනා ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ කිහිපයක සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙතෙක් ඔවුන් පිළිබඳ වෙනත් කිසිදු තොරතුරක් වාර්තා  වී නැති බවයි කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදාල දැරියන්ගේ පවුලේ ඥාතියකු සඳහන් කළේ මේ දරුවන් තිදෙනා ආරක්ෂා සහිතව සිටින බවට මේ වන විට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

 

මෙන්න බලන්න තවත් පුවත්