කොවිඩ් 19 ඇල්ෆා විකෘතිය ඇමෙරිකාවේ සුනඛයන්ට සහ බළලුන්ට ආසාදනය වී ඇති බව එරට පශු වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ට තම හාම්පුතුගෙන් ‘කොවිඩ් 19 වෛරස බෝ වන බව තහවුරු වූයේ කෝවිඩ් ආරම්භයත් සමඟ වුවත් ඇල්ෆා විකෘතිය බල්ලන් සහ බළලුන්ගේ සිරුරුවලින් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් “වෙට්‍රනරි රෙකෝඩ්ස්’ වෛද්‍ය ආයතනය පැහැදිලි කර ඇත.

ඇමෙරිකාවේ සුරතල් සතුන් අතරේ කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙම වෙට්‍රනරි රෙකෝඩ්ස් වෛද්‍ය ආයතනය විමසිල්ලෙන් පසුවෙයි.

මෙන්න බලන්න තවත් පුවත්