වැල්ලවාය නගරයේ ඇති රෙදිපිළි අලෙවි සැලකට ගිය තරුණියක් එම වෙලදසැලේ ඇති ඇදුම් මාරුකරන කාමරය වෙත ගොස් සිටින අවස්ථාවේ දී රහසිගත කවුලුවකින් මෙම සිදුවීම වීඩීයෝ ගත කිරීමට එම වෙලදසැලේම සේවය කල පුද්ගලයකු උත්සාහ දරා තිබෙනවා.

පසුව අදාල තරුණිය මේ බව දැක ඇති අතර පසුව ඇය සමග පැමිණි අය හට මේ පිළිබඳව පවසා තිබේ.

එම අවස්ථාවේ දී සිදුවීමට සම්බන්ධ පුද්ගලයා වෙලදසැලෙන් පලාගොස් ඇති අතර එම සැකකරු සොයා ප්‍රදේශවාසින් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

පසුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙයට සම්බන්ධ පුද්ගලයා ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහවෙලමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයකු බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු අද (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්