පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසා දැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය අද ප්‍රකාශ කර සිටියා.

මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරක් බවයි ඇය පැවසුවේ.

අනුරාධපුර දිස්ත්‍රිකයෙන් වාර්තාවන කොරෝනා රෝගින්ගේ ඉහළ යාමක් දක්නට ඇති බවත් පෙරේදා (08) දින රෝගින් 250 කට අධික ප්‍රමාණයක් හදුනාගත් බවද අපකළ විමසුමේදි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක පැවසුවේ.

 

මෙන්න බලන්න තවත් පුවත්