යහපාලනය රජය සමයේදී විපක්ෂය විසින් පට්ට ගැසූ එවකට ඔවුන් විසින් කොටි හිතවාදියෙකු ලෙස නම්කර සිටි කුප්‍රකට ව්‍යාපාරික අල්ලිරාජා සුභාෂ්කරන් ඊයේ දින කිසිදු බාධාවකින් තොරව මෙරටට ඇතුළුවී ඇත.

කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂකයන් 70 ගණනක් තම පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් තබාගෙන සිටින ඔහු සමග එවක කොටි නායක ප්‍රභාකරන් වෙනුවෙන් පුද්ගලික ආරක්ෂාව සැපයු  අද එක්තරා ක්‍රිකට් කණ්ඩායමක කලමනාකරුවකුද ඔහු සමග පැමිණ සිටීදැයි මෙරට ආරක්ෂක අංශ සැක හැර දැනගත යුතු වෙයි.

ජාත්‍යන්තරයේ මුදල් විශුද්ධිකරණයට ඉහල නමක් දිනාගෙන ඇති මොහු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ මිළදී ගැනීම සිදුව ඇත්තේ ද නීති විරෝධී ආකාරයට බව එම ගනුදෙනුවේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති තැනැත්තෙකි.

කළු සල්ලි සුදු කරමින් මෙරට ව්‍යාපාර ගණනාවක තමන්ගේ අනසක පතුරවමින් සිටින අල්ලිරාජා දෙමල කොටි ඩයස්පෝරාවටද මුදල් පොම්ප කල බවට චෝදනා ගණනාවකට ලක්ව සිටි අයෙකි.

පසුගිය දිනවල ඔහු විසින් නීතිවිරෝධීව මිලට ගනු ලැබූ මාධ්‍ය ආයතනය නැවතත් රජයට පවරා ගැනීමේ කසු කුසුවක්ද කනින්  කොනින් අසන්නට ලැබුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් මවන මැෂිම ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහුගේ වත්කම් මේ වන විට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 160 (රුපියල් මිලියන 28793)ක් පමණ වේ.

සුභාෂ්කරන් බ්‍රිතාන්‍ය ධනවතුන්ගේ ලයිස්තුවේ 640වැනි ස්ථානයේ පසුවන අතර එසේ ව්‍යාපාරික ලොවේ ධන කුවේරයකු වූයේ කෙසේද යන්න දන්නෝ දනිති.

ඔහුගේ පියාට අයිති මුලතිවු වී මෝල් වල හාලෙන්  එල්.ටී.ටි.ඊ සංවිදානය පෝෂණය වූ ආකාරයත් මෝලේ සල්ලි යුද්ධය අස්වැද්දීම සදහා යොදාගත් ආකාරයත් මෙරට ආරක්ෂක අංශ වෙලාවක් තිබ්බොත් වෙනම සොයා බැලිය යුතුය.

ඔහුගේ නම කිහිප අවස්ථාවකදී ඔහුගේ ව්‍යාපාරික තැරවුකරුවකු වන ඇලෙක්ස් ලොවෙල් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙළිදරවු වී ඇතත් ඒවා කොපමණ දුරකට ඉදිරි පරීක්ෂණ සදහා සම්බන්ද වනවාද යන්න දන්නේ අදාළ පරීක්ෂකයන් පමණි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන ‘ජැෆ්නා ස්ටාලියන්’ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීමටද ඔහු සමත්වී තිබීම මගින් මෙරටේ දේශපාලනය හා සම්බන්ධ කළු සල්ලිවල බල පුලුවන්කාරකම පමණක් නොව මෙරට ප්‍රධාන පුරවැසියාගේ වගකීමට යටත් ලේකම් කාර්යාල වල කුලියට වැඩ කරන නිලදාරීන්ගේ හයියද එලියට පැමිණීමද අදහාගත නොහැකි සිදුවීමකි.

එසේ හෙයින් මෙරට ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් අල්ලිරාජා සුභාෂ්කරන්ව එදා රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කල පරිදිම මෙදා මේ රජයේ නිලදාරීතුමන්ලාද ආරක්ෂා කරනු ඇත .

මෙන්න බලන්න තවත් පුවත්