ආන්දෝලනාත්මක චීන පොහොර නැවේ අපනයනකරු වන චින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම විසින් ජාතික ශාඛ නිරෝධායන ආයතනයට එන්තරවාසියක් යවා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බවයි.

මෙම එන්තර වාසියෙන් චින්ඩාවෝ සමාගම දන්වා ඇත්තේ එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බවයි .

කෙසේ වුවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිල්වා සඳහන් කළේ එවැනි එන්තර වාසියක් තවමත් ලැබී නොමැති බවයි.

චීන පොහොර තොගයේ අපනයනකරුවන චින්ඩාවෝ සීවින් සමාගම සඳහන් කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝණය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කරන පාර්ශ්වයට සහ පරීක්ෂණ ප්‍රතිඵල සාවද්‍ය ලෙස ප්‍රචාරය කරන මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් ඇති බවයි.

“ශ්‍රී ලංකාව ගිවිසුම්වලට ගරු නොකිරීම සහ එහි ජනතාව නොමඟ යැවීම තේරුම්ගත නොහැකි බව මෙම නිවේදනයේ සඳහන්.

චින්ඩාවෝ සීවින් බයෝටෙක් සිය නිවේදනයේ සඳහන් කරන්නේ “චීන සමාගමක් ශ්‍රී ලංකාවට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර අපනයනය කළ බවට වන අසත්‍ය වාර්තාව සත්‍යය නොදන්නා බොහෝ මිනිසුන් සහ පාරිභෝගිකයින් නොමග යවා අපනයන ව්‍යවසායන් තුළ සාධාරණ වෙළඳාමට විශාල බාධාවක්” කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජාතික ශාක නිරෝධායන බලධාරීන් කළ අනාවරණය සහ මාධ්‍ය වාර්තා අනුව නිෂ්පාදනවල අර්විනියා අඩංගු බවට වූ වාර්තා අසත්‍ය බවද එම නිවේදනයේ දක්වා ඇත.

සෙල්සියස් අංශක 600 උෂ්ණත්වයකට මිනිත්තු 20ක වන්ධ්‍යාකරණ ක්‍රියාවලියකින් ලක්කෙරෙන මෙම කාබනික පොහොරවල කිසිදු ආකාරයක අර්වීනියා බැක්ටීරියා පැවතිය නොහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

No description available.

No description available.

No description available.

මෙන්න බලන්න තවත් පුවත්