සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් සිරුර හමුවූ කාන්තා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් බවටයි මේ වන විට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව හඳුනාගත් සැකකරුවන් අද දිනයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිසිය පැවසුවේ.

විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ගනිමින් සිදුකළ මෙම විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්