දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස ආවරණය වනපරිදි වැඩ නිම කළ මාර්ග 1500 ක් හෙට ජනතා අයිතියට පැවරේ.

සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිමවන දවස යන තෝමාව යටතේ එම මාර්ග 1500 ජනතා අයිතියට පැවරීමේ උත්සවය වීරකැටිය මණ්ඩාදුව ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති.

ප්‍රධාන මාර්ගවලට හා අධිවේගී මාර්ඝවලට පහසුවෙන් පිවිසිය හැකි පරිදි සියලු අභ්‍යන්තර ග්‍රාමීය හා අතුරු මාර්ග කිලෝමිටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මාර්ග සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.

එම ජාතික වැඩසටහන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනාධිපතිතුමා ජනතාවට දුන් ප්‍රතිඥාවක් ඉටු කිරීමකි.

හෙට ජනතා අයිතියට පැවරෙන මාර්ග 1500 වැඩ මාස තුනක් තුළ නිම කර තිබීම විශේෂත්වයකි.

මෙන්න බලන්න තවත් පුවත්