සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අසල ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04 ක් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

කැළණිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් පැවසුවේ අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුවන බවයි.

මෙම කාන්තා මළ සිරුර ඊයේ සොයාගැනුනේ ලද තොරතුරක් මතයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

ඒ අනුව කාන්තාවක් අතුරුදන්ව ඇත්නම් ඒ පිළිබද දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දුන්නා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ පසු වූ කාන්තාවක් බවටයි සැක කෙරෙන්නේ.

මරණය සිදුවී දින 5 ක් පමණ ගත වි ඇති බැවින් මෘත ශරීරය හදුනාගත නොහැකි තරම් නරක් වී ඇති බවද පොලීසිය පවසනවා.

අත්පා ගැටගසා ගමන් මල්ලක බහා මෙම මළසිරුර ගෙනවිත් දමා ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. සිදුධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්සණ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්