වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමත් සමග හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පාලනය කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

ගෑස් සිලින්ඩරය පිපිරීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිසිය පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්