මෙරට සිදුවු කොවිඩ් මරණ ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකින් එන්නත් දෙකම ලබාගත් 700කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළිවී තිබෙනවා.

එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්‍රයෙන් සිදුකළ බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ.

“11,699ක් මරණ සමීක්ෂණය කරලා තිබුණා සැප්තැම්බර් මාසයේ මැද වන විට. එයින් 714ක් ම එන්නත් දෙකම ලබාගත් අය. ප්‍රතිශතයක් විදියට 6.01%ක්. ඇයි මෙහෙම වෙන්නේ ඒ අයට, අධි අවදානම් ප්‍රශ්න තිබුණා. බෝ නොවන රෝග තියෙන අය එන්නත් ගත්තත් සමහර විට අමාරු වෙලා හිටියා.”යනුවෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරිය ප්‍රකාශ කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්