තවත් කොරෝනා ආසාදිත රෝගීන් 124 හමු වීමත් සමග අද (04) දිනයේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරොනා රෝගීන් ගේ මුළු සංඛ්‍යාව 543,385 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ.

අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 354 දෙනෙකු පූර්ණ සුවය ලැබූ බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) සිදුව ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,806කි.

මෙන්න බලන්න තවත් පුවත්