සිය පවුර සමග එක් වන්නැයි රන්ජන් රාමනායක මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ ක්‍රියාකාරීන් පිරිසක් කල ආරාධනාව රන්ජන් රාමනායක මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ වරද මත මේ වනවිට සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා සිය පවුර සමග එක් වන්නේ නම් ඉදිරියේදී සිර දඬුවමින් නිදහස් කර ගැනීමට ජනතාව රැස්කර දැවැන්ත ව්‍යාපාරයක් සිදු කරන බවටද ජවිපේ ක්‍රියාකාරීන් රන්ජන් රාමනායක මහතාට දන්වා ඇති බවද පැවසේ.

කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පෙරළියකට පෙර තමන් නිදහස් විය යුතු බවත්, ඒ සඳහා සජිත් පිළේ සහයෝගය දැනටමත් ලැබෙමින් පවතින බවත්, ඊට පිටුපෑමට තමාට නොහැකි බවත් ය.

 

මෙන්න බලන්න තවත් පුවත්