අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කර ගන්නැයි චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇති බවයි. කෙසේවෙතත් හදිසියේ භාණ්ඩ එක්රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම්දීමට හේතුව කුමක්ද යන්න කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනයේ ඇතැම් ප්‍රදේශ යළි වසා දැමීමත් ඉදිරියේදී ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වයත් මීට හේතුව බවයි චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ වන විටත් කාලගුණ බලපෑම් නිසා එරට එළවළු නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද චීන රජය එරට ජනතාවට දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශයේ දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් වෙළඳසැල්වල දිගු පෝලිම් ද දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙසයි චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්