අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකර එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සහ ධම්මික ගනේපොල මහතා නියෝග කළා .

වග උත්තරකරුවන්ගේ මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙන ලදී . මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව අධිකරණය තීරණය කරන ලදී . විත්තිකරුවෙකුට ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම නීතිපතිවරයාගෙ කාර්යක් බවද අභියාචනාධිකරණය අවධාරණය කර සිටියා .

මෙම පෙත්සම දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලදී .

මහ බැංකු බැදුම්කර වංචා වලට අදාළව නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තා වලට අනුව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට සහ පොලිස්පතිට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, පොලිස්පතිවරයා, මහ බැංකු නියෝජ්ය අධිපතිවරයා නම් කර ඇත .

පෙත්සම්කරු කියා සිටියේ 2017 ජනාධිපති කොමිෂන් සභා වාර්තාව (බැඳුම්කර නිකුත් කිරීම) අනුව වෝහාරික විගණන කටයුතු සිදු කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කරන ලෙස එවකට ජනාධිපතිවරයාට නිර්දේශ කළ බවයි.

එම වෝහාරික විගණන වාර්තාවට අනුව සමාලෝචන කාලයට අදාළව එනම් 2005 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයට ‍රුපියල් බිලියන 10.4 – 10.6 ක පාඩුවක් සිදු වී ඇති බවයි .

එවකට මහ බැංකුවේ ප්‍රධානියා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ බව පෙත්සම්කරු පවසා සිටියි .

මෙන්න බලන්න තවත් පුවත්