එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර ඇති බව වාර්තාවනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එරට තුල ඇතිව තිබෙන “ගෝඨාභය විරෝධී සටන්” හේතුවෙන් මෙම තීරණය එරට විසින් ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විටත් එරට ග්ලාස්ගොව් ප්‍රදේශයේ ජනපතිවරයාට එරෙහිව දැවැන්ත පෝස්ටර්, කටවුට් සහ වාහන වල විරෝධතා දැන්වීමේ පුවරු විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

යුධ සමයේ දෙමළ ජනතාව සමූල ලෙස ඝාතනය කල පුද්ගලයා ලෙස නම් කරමින් එරටට ජනපතිගේ පැමිණීම හෙළා දකින බවට එම විරෝධතා පුවරු වල සඳහන් කර ඇති බවද වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්