ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම නිවාඩුව සැලකිල්ලට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ.

කොරෝනා අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්