20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී වසරක් තුළ පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව පිහිටු වීමට වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීමත් සමගයි.

වනිදු හසරංග මේ වන විට මෙම වසරේ දී තරග 19කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34ක්.

මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි විසින්.

ඔහු මෙම වසරේ දී ම තරග 20කදී කඩුලු 32ක් බිද හෙලා තිබෙනවා.

උගන්ඩාවේ දිනේශ් නක්රානි මෙම වසරේ දී කඩුලු 31ක් දවා ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෲ ටයි ද ඒ අතර වනවා.

එංගලන්තයට එරෙහි තරගයේ දී දවාගත් කඩුලු 3ත් සමග වනිදු හසරංග මේ වන විට 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී තරග 32 කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 50ක්.

මෙන්න බලන්න තවත් පුවත්