කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සත් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිඛෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා.

බැක්ටීරියාවක් හේතුවෙන් බෝ වෙන මෙලියොයිඩොයිස් රෝගය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය ප්‍රදේශවල දක්නට ලැඛේ

මෙරට තුළ එම රෝගය කලින් හඳුනාගැනීමට, ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හා එය පාලනය කිරීමට හැකි වෙන පරිදි පර්යේෂණ සහයෝගිතාවක් ඇති කර ගැනීම මෙහි අරමුණයි.

මෙන්න බලන්න තවත් පුවත්