ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නොවැම්බර් 03 බදාදා පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරය ඉදිරියට ගෙන යන නමුත් විරෝධතාවයේදී විදුලි සැපයුමට බාධාවක් නොවන බව අද නිවේදනය කර සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව පැහැදිලි කර සිටියා.

“ජාතික වත්කම් විදේශ ආයතනවලට විකිණීමට විරෝධය පළකරමින් සහ (LNG) කෙරවලපිටියේ බලාගාරයේ කොටස් 40%ක් විකිණීම සම්බන්ධයෙන් අමෙරිකාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන New Fortress Energy Inc සමඟ ඇතිකරගත් ගිවිසුම වහා අත්හිටුවන ලෙස රජයට බලකරමින් මෙම විරෝධතාව දියත් කෙරේ.,” ඔහු පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ මේ සම්බන්ධයෙන් නොවැම්බර් 3 වැනිදා මහා පරිමාණ විරෝධතාවක් පැවැත්වීමට සන්ධානය සූදානම් බවයි.

ඔක්තෝබර් 29 වැනිදා සිට අත්සන් කර ඇති පෙත්සමක් ලබන බදාදා වගකිවයුතු බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

ප්‍රකාශ කළ පරිදි අනිවාර්යයෙන්ම විරෝධතාවක් පවත්වන බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම විරෝධතාවයේ කොටසක් ලෙස සියලුම විදුලි බලාගාරවල සේවකයන් කොළඹට කැඳවන බවයි.

“ඔවුන් දිවයිනේ නන් දෙසින් පැමිණෙනු ඇත. ඉතින්, මම කියන්නේ, ස්වේච්ඡාවෙන් විදුලිය විසන්ධි වුණොත්, ප්‍රශ්නය විසඳන්න කවුරුත් එන්නේ නැහැ කියලයි” ජයලාල් පැවසීය.

විදුලිය විසන්ධි කිරීම තුළින් මහජනතාව හිතාමතා අපහසුතාවයට පත් නොවන බව පවසන රන්ජන් ජයලාල් කියා සිටියේ විදුලි සැපයුමට බාධාවක් සිදුවුවහොත් එය නිවැරදි කිරීමට කිසිවකු නොමැති බවයි.

මෙම කාලසීමාව තුළ බලාගාරවල සිදුවන බිඳවැටීම් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සන්ධානය භාර නොගන්නා බවද ඔහු කියා සිටියා.

 

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්