මාස 18ක කාල සීමාවකින් පසු පළමු වරට ඔස්ට්‍රේලියාව, විදෙස් සංචාරකයින් වෙනුවෙන් සිය දේශසීමා විවෘත කර තිබෙනවා.

පූර්ණ එන්නත්කරණය කරන ලද සියලු විදෙස් සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අද (01) සිට අවස්ථාව හිමිවනවා.

කොන්ටස් ගුවන් සේවයට අයත් ලොස් ඇන්ජලීස් සිට පැමිණි ගුවන් යානයක් සිඩ්නි වෙත ළගා වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මේ අතර විදෙස් සංචාරකයින් රැගත් සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද සිඩ්නි වෙත ළගා වී තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්