සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාදීම සදහා තමන්ගේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වත්තල ආසනයේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වූ අවස්ථාවේදීයි.

කෙසේවෙතත් හරීන් ඇතුළු පිරිසක් මන්ත්‍රීධූර වලින් ඉවත්වීමට නියමිත අතර ඒ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමටය.

මෙන්න බලන්න තවත් පුවත්