ලෝක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන Marvel Studio නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වන Eternalsහි රංග වින්‍යාසය සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ උපත ලැබූ නිලීකා බෝස් නමැත්තියකි.

එම චිත්‍රපටය ලන්ඩන් නුවරදී පළමු වරට තිරගත කෙරිණි.

මෙම චිත්‍රපටයේ දර්ශන දෙකක රංග වින්‍යාසය ඇය අතින් නිර්මාණය වූ අතර රංගන ශිල්පී කුමේල් නන්ජියානි මාස 4ක කාලයක් පුරා නිලීකා යටතේ පුහුණුව ලබා තිබේ.

මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටින සෙසු ප්‍රධාන ශිල්පීන් වන්නේ, ඇන්ජලීනා ජොලී සහ ගෙමා චෑන් ය.

නිලීකා බෝස් මේ වන විට ලන්ඩන් නුවර පදිංචි වී සිටින අතර The Bollywood Co නමින් නර්තන සමාගමක් පවත්වාගෙන යයි. එක්සත් රාජධානියේ සහ යුරෝපයේ පැවැත්වෙන උත්සව සඳහා ඇයගේ සමාගමට දැඩි ඉල්ලුමක් පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇය කලාව, මාධ්‍ය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් කර ඇති මෙහෙය වෙනුවෙන් 2012 වසරේදී ඇයට Asian achiever සම්මානය ද පිරිනැමිණි.

මෙන්න බලන්න තවත් පුවත්