ආන්දෝලනාත්මක කොටුව වේල්ලවීදිය මෘතදේහයේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කිරීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බුත්තල පොලිසියේ උප පොලිස් පරික්‍ෂකවරයෙකු වන 50 හැවිරිදි ප්‍රේමසිරි නැහැත්තා විසින් තිස් හැවිරිදි වියේ පසුවූ සිය පෙම්වතිය ඝාතනය කර හිස කදෙන් වෙන්කර ගමන් මල්ල දමා කොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ස්ථානය දමා ගොස් තිබුණා.

ඔහු සිය පෙම්වතියව හංවැල්ල නගරය ආසන්නයේ නවාතැන් පොළකදී ඝාතනය කර හංවැල්ලේ සිට පෞද්ගලික බස් රථයකින් පිටකොටුව වේල්ල වීදියට ගෙනවිත් දමා තිබූ බව පසුව විමර්ශනවලදී අනාවරණය වුණා.

පසුව ඔහුද බඩල්කුඹුර කැලෑබද ප්‍රදේශයකදී ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණා.

පොලීසිය සදහන් කරන්නේ ඝාතනයට අදාළ සැකකරු හඳුනා ගෙන තිබීමත් මරණය සිදු කළ ස්ථානය සහ ආකාරය නිරීක්ෂණ වී තිබීමත් සැකකරු මරණයට පත්ව තිබීමත් යන කරුණු හේතුවෙන් මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ඝාතනයට ලක්වූ තරුණීයගේ හිස කොටස මේ වනතෙක් සොයාගැනීමට පොලීසියට නොහැකි වී තිබීමද විශේෂත්වයක්.

මෙන්න බලන්න තවත් පුවත්