
කලින් කල සමාජ මාධ්‍ය තුළ ඇතිවන රැළි අතරේ මීට දින කිහිපයකට පෙර යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදාහළ ලංකාවේ ගීතයක් ගැන මේ වනවිට බොහෝ අය කතාවන අලුත් රැල්ලක් මතුකරදී ඇත.
මිලියනයකට ආසන්න නැරඹුම් දැනටත් ලබා ඇති තිසර වීරසිංහ ගයන “අන්සතු ඔබ” මෙම ගීතයේ විශේෂත්වය වන්නේ කලකට පසු යූටියුබ්හි පළවූ සුබාවිත ගීතයක් සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් මතුවීමය.
සාකච්ඡාවට වඩාත් මුල්වී ඇත්තේ මෙම ගීතයේ පදවැලින් කියැවෙන අසම්මත ප්‍රේමය ගැනයි.
ගීතයේ රූපාවලිය දිවයන්නේ රූමත් විවාහක කාන්තාවක තම රැකියා ස්ථානයට ත්‍රීරොද රථයක ගමන් කරන අතරතුර ඇය ගමන් කරන ත්‍රීරොද රථයට ගොඩවන අසම්මත පෙම්වතා ඇය හා සමීපව සිටින හැටිය.
ඇය ගෙදරින් හදාගෙන ආ කෑම ඔහුට හුවමාරු කරගන්නා අතර දෙන්නා හැඟුම්බරව අවස්ථා කිහිපයක හැසිරේ.
මෙහි රංගනයේ නිරතවන්නේ සම්මානලාභී ටෙලි නළුවකු වන ෂේවියර් කනිෂ්ක හා 2018 මිස් ශ්‍රී ලංකා රූපරාජිණි අවසන්වටයට තේරුණ නිරූපිකා නිපුනි පූජිතා ගුණවර්ධනයි.
මේ දෙන්නාගේ සමීප රූප රාමු සහිත හැසිරීම ගීතයේ සම්පූර්ණ වීඩියෝව තුළම නිරූපණය වන අතර දෙබස් කිසිවක් නොකියා ඇස්වලින් කරන කථාබහ ස්පර්ශයෙන් දනවන හැඟීම් ඉතා තාත්විකවේ.
සම්පූර්ණ වීඩියෝවම එක්වරකින් පටිගත කළ ආකාරයක්ද දිස්වන අතර පද ගැළපීමට උචිත රංගනය සමග නිර්මාණකරුවන්ගේ සාර්ථකත්වය නිසාම ගීතය විශාල පරාසයකට ආමන්ත්‍රණය කර ඇත.
විවාහක කාන්තාවගේ වමතෙහි මුදුවක් ඇත්තාසේම අසම්මත පෙම්වතාගේ අතේ මුදු නැත.