මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනාවකට දැනට බන්ධනාගාරගතව සිටින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතණුවන් වන ආර්යන් ඛාන් හට මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ තවත් සුපිරි නළුවකු වන චන්කි පාන්ඩේගේ දියණිය වන අනන්‍යා පාණ්ඩේ විසින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

සිදු කරන ලද පරීක්ෂණවලදී දෙදෙනා අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුව ඇති කෙටි පණිවුඩ හුවමාරු රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

එහිදී ආර්යන් ඛාන් අනන්‍යාගෙන් මත්ද්‍රව්‍ය ඉල්ලා ඇති අතර අනන්‍යා එය ලබා දිය හැකි බවට ප්‍රතිචාර දක්වා ඇත.

කෙසේවෙතත් අනන්‍යා මත්ද්‍රව්‍ය ලබා දුන් බවට සාක්ෂි සොයාගැනීමට තවමත් පොලිසිය අසමත් වී ඇති බවද දැනගන්නට තිබේ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්