Michael Jordan නම කියූ සැණින් ක්‍රීඩාවට ආදරේ කරන බොහෝ දෙනෙක් නම් ඔහුව දන්නවා. ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ ඔහු ගැන මේ දිනවල ආයෙමත් මුළු ලෝකයේම කතාබහ කරන්න පටන් අරගෙන.

ඇමරිකානු වෘත්තීමය පැසිපන්දු ලීග් තරග (NBA)පස් වතාවක් නොකඩවා ජයග්‍රහණය කරන්න ඔහුගෙනුත් දායකත්වය ලැබුණා.

එහිදී ඔහු කටයුතු කළේ පසුපෙළ ක්‍රීඩකයෙක් හැටියටයි. ඔහුගේ ක්‍රීඩා දක්ෂතාවය හේතුවෙන් ඔහුටම වෙන් වූ සපත්තුවක් නිර්මාණය කරන්න සපත්තු සමාගමක් කටයුතු කළා.

ඔහුගේ පාදයේ ප්‍රමාණය තරමක් විශාල වීමත් ඔහුටම වෙන් වූ සපත්තුවක් නිර්මාණය කරන්න හේතුවක් වුණා කියලයි කියන්නේ. කොහොම නමුත් ලෝකයම පුදුම කරමින් ඔහු පසුගිය 25 වැනිදා එම සපත්තුව වෙන්දේසි කරනවා. ඒ හිතාගන්න බැරි මුදලකට. ලංකා මුදලින් ගත්තොත් එය රුපියල් කෝටි 30කට ආසන්නයි.

මේ වෙන්දේසි කළ සපත්තුව වර්ෂ 1984 නොවැම්බර් මස 01දා පැවති පස්වැනි වරටත් නොකඩවා ජයගත් ඇමරිකානු වෘත්තීමය පැසිපන්දු ලීග් තරගාවලිය සඳහා තමයි ඔහු භාවිතා කරලා තියෙන්නේ. මෙසේ අතිවිශාල මුදලකට ඔහු මෙය වෙන්දේසි කිරීමෙන් ලැබුණු මුදල් කුමන කටයුත්තකට යොදනවාද යන්න ඔහු සඳහනක් කර නැහැ.

ඒ වගේම මෙවැනි ලොකු මුදලක් සපත්තු කුට්ටමකට වෙන්දේසි කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් වෙනවා. විවාහ දෙකක් කරගත් 58 හැවිරිදි මයිකල් කොහොමත් කෝටිපතියෙක්. ඒ වගේම ඔහු දරුවෝ පස්දෙනෙකුගේ ආදරණිය පියෙක්.

මෙන්න බලන්න තවත් පුවත්