ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් ඊයේ (25) සවස හදිසියේම මන්නාරමේ සංචාරයක නිරත වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුළු පිරිස මෙලෙස පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස මන්නාරමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින්.

රාජ්‍ය අමාත්‍ය D.V චානක ද මේ සංචාරය සඳහා එක්ව ඇති අතර, ගෞතම් අදානි ඇතුළු පිරිස මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ආපසු ඊයේ සවසම කොළඹ බලා පිටත්ව ගොස් තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්