මීගමු ප්‍රදේශයේ රහසිගත ගණිකා ස්ථානයක් පවත්වාගෙන යමින් පහස ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් මංකොල්ල කෑ ගණිකා ජාවාරමේ නියැලුණු කාන්තාව, ඔහුගේ ස්වාමිපුරුෂයා සහ එම කාන්තාවගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මීගමුව පොලිසිය පවසන ආකාරයට ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පිරිමින් මෙම ගණිකාව විසින් වසඟයට පත් කොට පහස ලබා දෙන බවට පවසමින් ඒ අසල පාලු වැසිකිලියකට රැගෙන යයි,

එහිදී ඇය අදාල පුරුෂයාට ඕනේ ලෙස කම්සැප ලබා දෙන අතර පසුව ඇය ඔහු සමඟ ගැටුම්කාරී ස්වභාවයක් ඇති කරගනු ලබන්නේ ඇය කියූ නිසි මුදල ලබා නොදුන් බවට පවසමින්.

මේ ඇයගේ සැලසුමක් වන අතර මෙම ගැටුම නිරාකරණය කිරීමට පැමිණෙනවා සේ ඇයගේ ස්වාමි පුරුෂයා සහ සහෝදරයා පැමිණ අදාළ පුරුෂයාට පහර දී ඔහු සන්තකයේ ඇති රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පළා යයි.

මෙලෙස සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති අතර මෙම සංවිධානාත්මක කල්ලිය විසින් රුපියල් ලක්ෂයකට අධික මුදලක් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ලබාගෙන ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

කෙසේ නමුත් මීට අදාළ පැමිණිලි දෙකක් පමණ මේ වන විට පොලිසියට ලැබී ඇති අතර සෙසු පුද්ගලයින් තමන්ගේ මුදල් සහ රන්භාණ්ඩ සොරා ගත්තද මේ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි කොට නොමැති බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්